Archimedes- ආකිමිඩිස් (ක්‍රි.පූ.287-212)
පැරණි ග්‍රීසියේ වාසය කළ මොහු ශාස්ත්‍රවන්තයෙකු, ගණිතඥයකු, ඉන්ජිනේරුවෙකු සහ භෞතික විද්‍යාඥයකු ලෙස ලොව ප්‍රකට විය. ඔහු ක්‍රි.පූ. 287 දී සිසිලියේ සයිරාකියුස් ප්‍රදේශයේ උපත ලද්දේය. වෘත්තය (Circle) ගෝලය(Sphere) සිලින්ඩරය (Cylinder) සහ පරාවලය (Parabola) ආදියට අදාල කලනය (Calculus) හා ජ්‍යාමිතිය (Geometry) පිළිබඳව මූලධර්ම අනාවරණය කරන ලද්දේ ඔහු විසිනි. භෞතික විද්‍යාවේ මේ වන විට ආකිමිඩිස් න්‍යාය යනුවෙන් හඳුන්වනු ලබන විස්ථාපන න්‍යාය (Displacement Theory) හා කුප්පි සහ ලීවර (Levers) පිළිබඳ මූලධර්ම, ඔහුගේ තවත් එවන් අනාවරණ වේ. ඔහු ඉස්කුරුප්පු පොම්පයක් (Screw Pump) සහ යුධෝපකරණ රැසක් නිර්මාණය කළ බව වාර්තා වේ.
ආකිමිඩිස් තාරකා විද්‍යාඥයකුගේ පුත්‍රයෙකු විය. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියා නුවර දී අධ්‍යාපනය ලැබීය. අධ්‍යාපනයෙන් පසු ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් ගත කරන ලද්දේ සයිරාකියුස් නුවර රජ වූ හයිරෝ (Hiero) ගේ රජවාසලෙහිය. මෙම රජු වරක් තමන් හට ඔටුන්නක් සාදා දෙන ලෙස පවසා රත්රන් කුට්ටියක් ලබා දුන්නේය. වැඩ නිම වූ ඔටුන්න රජු අතට ගත් විට රන්කරුවා විසින් එම රත්රන් වලින් කොටසක් රන්කරුවා විසින් තබා ගෙන ඉතිරි රත්රන් කොටසට වෙනත් ලෝහයක් මිශ්‍ර කොට තනා ඇති බව සැකයක් ඇති වූ බැවින් ඒ පිළිබඳව සොයා බලන ලෙසට රජු ආකිමිස්ට අණ කරන ලදී.
දින කිහිපයක් ම ගැටළුව පිළිබඳව කල්පනා කරමින් සිට ස්නානය සඳහා ජලය පිරී තිබූ ස්නාන ඔරුවට (Bath Tub) බැස්ස ආකිමිඩිස්ට ඔහු එයට බසින විට තිබූ ජල පරිමාවෙන් කොටසක් ඉතිරී ඉවතට යන්නට විය.එම ඉවතට ඉතිරී ගිය ජල පරිමාව හා තම සිරුරේ පරිමාව එක සමාන බැව් ඔහුට තේරුම් ගියේය. ඒ අනුව ඔටුන්න පිළිබඳ ගැටළුවට පිළිතුරක් හමු වූ බව ඔහුට අවබෝධ කර ගත් ආකිමිඩිස් Eureka Eureka (සොයා ගතිමි, සොයා ගතිමි) කියමින් රජ මාලිගය කරා නිරුවතින් ම දිව ගිය බව වාර්තා වේ.
ද්‍රව්‍ය පිළිබඳව විශිශ්ට ගුරුත්වය එසේ අනාවරණය කළ ඔහු ක්‍රි.පූ.214-212 අතර කාලයේදී සයිරාකියුස් නුවර ආක්‍රමණය කළ රෝමන් හමුදා පසුබැස්වීමට විවිධ විදි ක්රමයන් සහ මෙවලම් භාවිතා කරන්නට විය.විශාල කාචයක් භාවිතා කරමින් රෝමන් නැව් සූර්යාලෝකයෙන් ගිනි ගැන්වීම ඉන් එක් උපක්රමයකි.
සටන අවසානයේ සයිරාකියුස් නුවර අල්ලාගත් රෝම හමුදාවේ සෙන්පතියා ආකිමිඩිස්ට කිසිම පීඩාවක් හෝ අකතුරක් නොකරන්නැයි නියෝග දී තිබිණි. එහෙත් ආකිමිඩිස් හඳුනා නොගත් රෝම භටයකුගේ කඩු පහරකින් මිය gගියේය. එය සිදු වූයේ වර්ශ ක්‍රි.පූ.212 දී ය. මහත් සේ ශෝකයට පත් රෝම සෙන්පතියා ආකිමිඩිස්ගේ දේහයට බුහුමන් දක්වා ගෞරවනීය ලෙස අවමඟුල සිදු කරන ලදී. එතෙකින් නොනැවතී ඔහුගේ පව්ලේ උදවියට ආධාර උපකාර සහ සහන සැලැස්වීය. ඒ ආකිමිඩිස්ගේ විද්වත් භාවය සැලකිල්ලට ගනිමිනි.
No comments