Breaking News

William Hawe- විලියම් හාවේ (ක්‍රි.ව.1578-1657)

බටහිර වෛද්‍ය විද්‍යාවට ඉමහටහත් සේවයක් කළ ශ්‍රේශ්ඨ වෛද්‍ය විද්‍යාඥයෙකු වූ මොහු එංගලන්තයේ ෆොක්ස්ටන් (Foxstone) නම් නුවර දී වර්ශ 1578.04.01 වන දින උපත ලැබීය. එම නුවර ධනවත් ව්‍යාපාරිකයකු වූ තෝමස් හාවේ සහ ඔහුගේ බිරිඳ වන ජේන් හාවේ විලියම්ගේ දෙමව්පියන් වූහ.




කුඩා විලියම් එවකට පැවතුණු සිරිත අනුව මූලික අධ්‍යාපනය සඳහා ගමේ තිබූ ග්‍රැමර් පාසල වෙත ඇතුළත් කරන ලදී.ඔහු උසස් අධ්‍යාපනය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලැබීය.උසස් අධ්‍යාපනය ලබන සමයේ ඔහුගේ සිත කෙමෙන් කෙමෙන් වෛද්‍ය විද්‍යාව කෙරෙහි නැඹුරු විය.කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලද ඔහු එකල යුරෝපයේ හොඳම වෛද්‍ය විද්‍යාලය යැයි සලකනු ලබන ඉතාලියේ පාදුවා විශ්ව විද්‍යාලයට ඇතුළු වී වෛද්‍ය උපාධිය දිනා ගත් ඔහු නැවත තම මව් බිම වෙත පැමිණි ඔහු නැවතත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී වැඩි දුරටත් ඉගෙන ගැනීමට විය.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ වැඩිදුර ඉගෙන ගන්නා අතර තුර ඔහු වෛද්‍ය වෘත්තිකයකු ලෙසත්, කාය විවිඡේදනය සහ ශල්‍ය කර්ම Anatomy and Surgery පිළිබඳ කථිකාචාර්‍යවරයකු ලෙසත් සේවය කිරීමට ඔහුට අවස්ථාව හිමි විය. එය ඔහුගේ වෛද්‍ය විද්‍යාර්ථී ගවේශනවලට ඉතාමත් සවිමත් පිටුබලයන් විය. වෛද්‍ය විද්‍යාව කෙරෙහි විලියම්ගේ සිත කොතෙක් ඇදී ගියේද යන්න පවසන්නේ නම් ඔහු කේම්බ්‍රිජ් සරසවියෙන් ඉවත්ව ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුලත්ව එම විද්‍යාව තව දුරටත් හදාරන්නට පටන් ගත්තේය.

විලියම් හාවේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙහි ගෙවූ මුළු කාලය තුළ මිනිස් හෘදය පිළිබඳව ඉතා පුළුල් අධ්‍යයනයක් සිදු කරන ලදී. හෘද ස්පන්දනය, ධමනි ස්පන්දනය, රුධිර සංසරණය හා රුධිර නාල අවහිර වීම ආදී කරුණු පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ඔහු නවතම අනාවරණ කීපයක් එළිදැක්වීමට සමත් විය.කාලයක් ම විවිධ වර්ගවලට අයත් සත්ත්ව වර්ග විච්ඡේදනය කරමින් ප්‍රධාන වශයෙන් ම සත්ත්ව ශරීරයක රුධිරය සංසරණය වන ආකාරය සපුරා අවබෝධ කරගත් හාවේ 1628 වර්ශයේ ඒ කරුණු ඇතුළත් කොට Movements of the Heart and Blood in Animals නම් ග්‍රන්ථය රචනා කරන ලදී.

රුධිරසංසරණයට (Circulation of Blood) හැර හාවේගේ උනන්දුව යොමු වූ තවත් ක්ෂේත්‍ර දෙකක් ඇත. එනම්,
01. කළළ වේදය (Embryology)
02. ප්‍රසූත විද්‍යාව (Obstetrics)වේ.
 ඔහු මෙම ක්ෂේත්‍රයන් සඳහා ද මාහැඟි සේවයක් ඉටු කොට ඇත.

විලියම් හාවේ තමන් ජීවිත කාලය තුළ සාධාරණව උපයා ගත් ධනය වැය කොට වෛද්‍ය කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් (Medical Museum and Library) තනවා ලන්ඩන් වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කලේය.ඉන් නොනැවතුණු ඔහු තමන් පරිශීලනය කළ අගනා පොත් පත් හා වෛද්‍ය උපකරණ ආදියත් ඉඩම් හා නිවාස ආදී පෞද්ගලික දේපල සියල්ලත් වෛද්‍ය විද්‍යාවේ අභිවෘද්ධිය උදෙසා එම වෛද්‍ය විද්‍යාලයටම භාර කළේය.

විලියම් හාවේ අනූ හැවිරිදිව සිටිය දී 1657.06.03 වන දින රොදැම්ප්ටන් නුවර දී හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේය.

No comments