Breaking News

සත්‍යවාදී මහත්මා ගාන්ධි තුමා.

ගාන්ධිතුමාගේ සත්‍යවාදී ගුණය



කරම්චාන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගන්ධි උපත ලැබුවේ වර්ෂ 1869.10.02 වන දින ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පෝබන්දාර් නම් කුඩා ගම්මානයේදීය. ඔවුන් ඉතා ඉහළ පංතියට අයත් පවුලක් නොවන අතර මධ්‍යම පාන්තික පිරිසක් විය. පොබන්දාර් වල ඉපැදුණද , ගාන්ධිගේ පියාට රාජ්කොත්හි රාජසභාවට යාමට සිදු වූ බැවින් රාජ්කොත්හි පදිංචියට යාමට ඔවුන්ට සිදුවිය. රාජ්කොත්හි පාසලට ඇතුළත් වූ ගාන්දි සිය අධ්‍යාපන කටයුතුවල නියලෙන්නට විය. කුඩා කල සිටම ලැජ්ජාශීලි දරුවෙකු වූ ගාන්ධ් කිසි දිනක බොරු නොකී දරුවෙකු විය. ගාන්ධිගේ සමීපතම මිතුරන් වූයේ පොත් සහ පාඩම් ය. ඔහුගේ එම සත්‍යවාදී භාවය මනාව ප්‍රකට කරන සිදුවීමක් ඔහුගේ පසල් වියෙන් අපට දැකගන්නට පුළුවනි. එනම් දිනක් ගාන්ධි ඉගෙන ගනිමින් සිටි පාසලට පරීක්ෂකවරයෙකු පැමිණ ළමයින්ගේ අක්ෂර වින්‍යාසය පරීක්ෂා කිරිමට වචන 5ක් ලිවීමට ලබාදුන් අතර ඉන් එක් වචනයක් ගාන්ධි ලියා තිබුනේ වැරදියට බව දුටු ගුරුවරයා එම වචනය අනෙක් ශිෂ්‍යයාගෙන් බලා ලිවීමට ඔහුට ඉගි කළද ඔහු එසේ සිදුකලේ නැත. ඔහුගේ හැර පංතියේ සියළුම ශිෂ්‍යයින්ගේ වචන 5 ම නිවැරදි විය. එහිදී ගාන්ධි තුමාගේ සත්‍යාවාදී භාවය මනාව විදහාපායි එබැවින් ගාන්ධි චරිතය හැදෑරීමෙන් එතුමා සතු යහපත් ගුණාංග බොහොමයක් අපට දැකගත හැක.


එංගලන්ත දිවිය.



ගාන්ධි සොළොස් ( 16) වන වියේදී ඔහුගේ පියා උඩු ගිය තුවාලයකින් ඔත්පලව ඇදට වැටුණි. පාසල් කාලයෙන් පසු පියාගේ සාත්තු සප්පායම් කිරීමේ කටයුත්තෙහි ඔහු නිරත විය. පියා අවසන් හුස්ම හෙළන විට ගාන්ධිට පියා අසල සිටීමට නොහැකි වීම ඔහුගේ හදවතට තදින්ම රිදුම් දුන්නක් විය. වර්ෂ 1887 දී මැට්‍රිකියුලේෂන් විභාගය සමත් වීමෙන් අනතුරුව පවුලේ ආර්ථික අපහසුකම් ඇතිවීම නිසා වැඩිහිටියන්ගේ උපදෙස් මත අහමදාබාද්වලට යාමට ඔහුට සිදුවිය. නමුත් එහි අධ්‍යාපන කටයුතු පිළිබඳව කලකිරුණු ඔහු ප්‍රථම වාරය අවසානයේ නැවතත් නිවසට යන්නට විය. ඉන් අනතුරුව ඔහුගේ පවුලේ හිතවතෙකු පවසා සිටියේ නීතිඥ විභාගය සඳහා ගාන්ධිව එංගලන්තයට යවන ලෙසයි. ඒ වන විටත් ඔහු විවාහ දිවියට පැමිණ සිටින්නට විය. එබැවින් ඔහු එංගලන්තයට යාමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිය කණකර ආභරණ විකිනීමට පවා සිදු විය. ගාන්ධියනු නිර්මාංශ ආහාර අනුභවයට හුරුපුරුදු වී සිටි අයෙක් වන බැවින් ඔහු එංගලන්තයට හිය මුල්කාලයේදී ඔහුට අවශ්‍ය ආහාර පාන ආදිය සොයාගැනීමට ඉතාමත් අසීරු කාර්යයක් විය.

සත්‍යග්‍රහ


එංගලන්තයට ගොස් නීතිය හැදෑරු ගාන්ධි වර්ෂ 1891.06.10 වන දින නීතිඥවරයෙකු ලෙස ලියාපදිංචි විය. තම මව් රටට පැමිණි ගාන්ධිට වර්ෂ 1893 දී නඩුවකට පෙනී සිටීම සදහා දකුණු අප්‍රිකාවට යාමට සිදුවිය. ඔහු එහි පිටත්ව යනු ලබන්නේ මාස කිහිපයක් සදහා පමණක් වුවද වසර 20 ක් ම එහි කාලය ගත කිරීමට සිදුවීය . එකල දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදය ඉතාම තදින්ම ව්‍යාප්ත වී තිබුණි.එනම් මිනිස් සමේ වර්ණය අනුව මිනිසුන් උස් හෝ පහත් යැයි වෙන්කර තිබෙනු ඔහුට දැක ගැනීමට හැකි විය. එහි ජීවත් වූ දකුණු ඉන්දීය ජාතිකයින්ටද සුදු ජාතිකයින්ගේ විවිධ කරදර වලට මුහුණ පෑමට සිදු විය. එවැනි මිනිසුන්ට එකල දුම්රියේ ප්‍රථම පන්තියේ ගමන් කිරීම පවා තහනම් විය. එයට හේතුව සුදු ජාතිකයන් නොවීමයි. එබැවින් ගාන්ධි තුමන් එහි සිට මෙම අවනීතියට එරෙහිව අරගල මෙහෙයවීමට පෙළඹුණි. එම අරගලයන්හි ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකානු රජය ඉන්දියානුවන්ට නව නීතියක් ලෙස ඔවුන් සියල්ලන්ම ඇගිලි සලකුණු තබා ලියාපදිංචි විය යුතුය යන්න නිතිගත කරන ලදි. මෙම අවමන් සහගත නීතියට එරහිව ද එතුමන් විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත් විය. එහිදී ඔහුගේ යටතේ රැස්වුණු ඉන්දියානුවන් දමෙම නීතියට තමන් කිසි ලෙසකින් හෝ යටත් නොවන බවට පොරොන්දු දෙන්නට විය. ඔහුන්ගේ මෙම විරෝධතාවය " අක්‍රීය විරෝධතාවයක් " හෙවත් හිංසනයෙන් තොර විරෝධතාවයක් විය. එබැවින් මෙම විරෝධතාවය "සත්‍යග්‍රහ " නමින් හදුන්වන්නට විය.දේශපාලන අරගලයන්හි දී අවිහිංසාවාදී ක්‍රියාමාර්ගයකට ප්‍රධාන අඩිතාලම වූයේ ද , මෙම සත්‍යග්‍රහයයි. දකුණු අප්‍රිකාවේ ජීවත්වන ඉන්දියානුවන් හට ඔවුන්ගේ අයිතීන් බොහොමයක් අත්පත් කරදුන් මහත්මා ගාන්ධිතුමන් නැවත තම මව් රටට පැමිණියේ වීරවරයෙකු ලෙසිනි.

ඉන්දීය නිදහස් සටනේ ආරම්භය


ඉන්දියාවට නැවත පැමිණි ගාන්ධිතුමා ඉංග්‍රීසිගෙන් තම මව් බිම නිදහස් කර ගැනීමට විවිධ අරගලයන්හි නිරත විය. ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායකත්වයට පත් වූ එතුමා උපවාස , සත්‍යග්‍රහ යනාදිය සංවිධානය කරමින් ඉංග්‍රීසින්ව අපහසුතාවයට පත් කරන්නට මහත් වෙහෙසක් දරන්නට විය. පළමුවැනි ලෝක යුද්ධය අවසානයේදී බ්‍රිතන්‍යයින් ඉදිරිපත්කළ යෝජනාවකට විරුද්ධව සංවිධානය කළ සත්‍යග්‍රහයක් නීති විරෝදි බව බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රකාශයට පත් කරන්නට විය . වර්ෂ 1919.04.13 වන දින අමර්ට්සර්හි ජලියන්වලා බාග් චතුරස්‍රයට විසි දහසක් පමණ පිරිසක් බ්‍රිතාන්‍යයන්ගේ අණ නොතකා සත්‍යග්‍රහයට සහභාගි වීම පිණිස පැමිණියද එහි දී එම සත්‍යග්‍රහයෙන් කුපිත වූ ඉංග්‍රීසින්ගේ වෙඩි පහරින් අහිංසක ජනතාව සිය ගණනක් සිය ජීවිතය මාතෘ භූමිය වෙනුවෙන් කැප කරන්නට සිදු විය.මෙතුමා ඉංග්‍රීසින් විසින් සිදුකල මෙම මහා ඝාතනයට එරහිව අහිංසාවාදී විරෝධතා පෙළපාලි සංවිධානය කරමින් , බ්‍රිතාන්‍ය නිෂ්පාදන සිය රට තුල භාවිතය අඩු කරමින් , ඉන්දියානුවන්ගෙන් එසේ සිදු කරන ලෙස ඉල්ලීම් කරමින් කටයුතු කරන්නට විය. මෙවැනි විවිධ විරෝධතා පෙළපාලි හේතුවෙන් මෙතුමන් කිහිප වරක්ම ඉංග්‍රීසින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ලූණු බද්ද 


මේ අතර තුර ඉංග්‍රීසින් විසින් ලූණු බද්දක් පැනවූ අතර ඔවුන්ට ලූණු නිපදවීම පවා තහනම් කළ ඔවුන් ලුණු නිෂ්පාදනය සහ අලවිය ඔවුන්ගේ ඒකාධිකාරයක් බවට පත් විය. දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියළු දෙනාට ම අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වූ ලුණු සඳහා අසාධාරණ ලෙස බදු පැනවීම අධර්මිශ්ඨ ක්‍රියාවකි. මෙම ක්‍රියාවට දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පවා  එතුමන් පසුබට වූයේ නැත. ඒ වෙනුවෙන් එතුමන් වර්ෂ 1930.03.12 වන දින පාද යාත්‍රාවක් ඇරැඹූ අතර එම පාද යාත්‍රාව පුරා දින 25ක් පවත්වනු ලැබීය. මෙම පාගමන සබාර්මතී අශ්‍රමයේ සිට දන්දි වෙරල දක්වා සැතපුම් 241ක් වූ අතර මේ සඳහා ඉන්දියානුවන් දහස් සන්ඛ්‍යාත පිරිසක් මෙතුමන් සමඟ සහභාගී විය.අවසානයේදී 25 වන දින එනම් වර්ෂ1930.04.05 වන දින දන්දි වෙරලේදී ලුණු අහුරක් අතට ගත් ගාන්ධිතුමන් එම අධාර්මිෂ්ඨ ලුණු තහනම් නීතිය උල්ලංඝනය කරන්නට විය. තමන් විසින් පැනවූ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් කෝපයට පත්වුණු ඉංග්‍රීසින් විසින් ගාන්ධිතුමන් ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගනු ලැබීය. නමුත් කෙසේවෙතත් ඉංග්‍රීසින්ගේ දරදඩු නීති යම්තාක් දුරකට ලිහිල් කිරීම සදහා මෙම විරෝධතාවය සමත් වූබව විවාධයකින් තොරව පිලිගත යුතුය. 

ගාන්ධි ඝාතනය කිරීම


ඉන්දියානුවන්ගේ දැඩි විරෝධතා මද්‍යයේ ඉන්දියාවට නිදහස ලබාදෙනු විනා ඉංග්‍රීසින්ට වෙන විකල්පයක් නොවූ බැවින් වර්ෂ 1947 දී ඉංග්‍රීසින්ට ඉන්දියාවට නිදහස ලබාදීමට සිදුවිය. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ලෙස ශ්‍රීජවහර් ලාල් නේරු තුමන්ව පත්කර ගැනීම සදහා ඉන්දියාවට නිදහස ලබාදීමට ඇප කැප වී සේවය කර මහත්මා ගාන්ධි තුමන් මූලික වී කටයුතු කරන්නට විය.ඉන්දියාවට නිදහස ලබාගැනීමට එතුමන් මහත්  සේවයක් කළ ද එහි ඊට විරුද්ධව කටයුතු කල හින්දු අන්තවාදීන් පිරිසක්ද එහි විසීය.එවැනි හින්දු අන්තවාදීයකු වූ ගොඩ්සේ නම් අයකුගේ වෙඩි පහරින් ගාන්ධිතුමන් වර්ෂ 1948.01.30 දින මෙලොවින් සමුගත්තේ ඔහුවටා එක් රොක් වී සිටි කෝටි සංක්‍යාත ජනකායක් හඩවමිනි. කෙසේ උවද සත්‍යවශයෙන්ම  ඉන්දියාවට නිදහස ලැබුණේ වර්ෂ 1947.08.15 දින උවද කෘතගුන දන්නා ඉන්දීය ජනතාව තම නිදහස් උලෙළ සමරනු ලබන්නේ රටට මහත් සේවයක් කළ මහත්මා ගාන්ධිතුමන් මියගිය ජනවාරි 30 වන දිනයි.




1 comment: