Breaking News

Christopher Columbus ක්‍රිස්ටෝෆර් කොලම්බස් ( ක්‍රි.ව 1451- 1506 )



ක්‍රිස්ටෝපර් කොලම්බස් 1451 වර්ෂයේ දී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී උපන්නේය. ඔහුගේ පියා ඩොමිනොකෝ කොලොම්බෝ නම් රෙදි වියන්නෙකි. ඩොමිනිකෝ ස්පාඤ්ඤ ජාතිකයෙක් වූ අතර බිරිද යුදෙව් කාන්තාවක් වූවාය. මේ යෞවල පසු කලෙක කොලම්බස් කැටුව පෘතුගාලයේ ජිනීවා නගරයට විත් පේෂ කර්මයේ  නිරිත වූහ. ක්‍රිස්ටෝෆර් කුඩා කල සිටම තමන් හාත්පස ලෝකය ගැන සෙවීමට උනන්දු වූ කුතුහලයෙන් පිරි කෙනෙකි.පොතපත කියවීමට ළැදියාවක් තිබූ ඔවුගේ ප්‍රියතම පොත වූයේ ඉතාලියේ සිට චීන දේශයට මහා සංචාරයක් කළ මාර්කෝ පෝලෝ විසින් ලියන ලද දේශාටන ග්‍රන්ථයයි. එපමනක් නොව  ඔහු පැරණි ග්‍රීසියේ විසූ ආකිමෙඩිස් හා පයිතගරස් ආදී බුද්ධිමතුන්ගේ පොත්පත් බෙහෙවින් ප්‍රිය කළේය. මේ පොත්පත් වලින් ඔහු කියවූ දේ අනුව ලෝකය වටකුරු බවත් එහි බටහිර හෝ නැගෙනහිර යන කවර දිශාවකට හෝ දිගටම යාත්‍රා කළොත් ලෝකය වටා යා හැකි බවත් නිශ්චය කළේය.

ක්‍රිස්ටෝපර් 1476 දී ජිනීවා නුවර සිට ලිස්බන් නුවරට ගොස් එහි සිටි සොහොයුරු බර්තොලමියුස් සමග වාසය කළේය. නාවික ශිල්පය ගැන උගත්තේය. බටහිර දෙසට යාත්‍රා කිරීමෙන් ඉන්දියාව හා චීනය ආදී රටවලට ළඟාවිය හැකිය යන විශ්වාසය තව තවත් තහවුරු වීම නිසා එවන් සංචාරයක යෙදීම ඔහුගේ එකම ජීවන අභිප්‍රාය වී තිබිණි. ඔහුගේ අදහස් ඇසූ බොහො දෙනෙක් ඔහුට සරදම් කළහ. ඔහු උමතු වී සිටිති'යි කීහ. මේ අතර ඔහු නැවක ප්‍රධානියකුගේ දියණිය හා විවාහ වූ බැවින් නාවික සංචාරයක් පිළිබද අදහස තවත් තහවුරු විය.

කොලම්බස් එවකට පෘතුගාලයේ රජු වූ ජෝන් රජුගෙන් නාවික සංචාරයක් සඳහා උපකාර ඉල්ලූ නමුත් එය නොලැබිණ. ඔහු ඊළඟට ගියේ ස්පාඤ්ඤයේ ඉසබෙලා බිසව වෙතටයි. කොලම්බස්ගේ ඉල්ලීම ගැන සිත මෙහෙය වූ ඇය තම රාජ සභාවෙන් අදහස් ලබාගෙන ඔහුට උපකාර කරන්නට එකඟ වූවා ය. ඇය ඔහු විසින් සොයා ගනු ලබන සියළුම රටවල් ස්පාඤ්ඤයට යටත් විය යුතුය යන කොන්දේසිය ඉදිරිපත් කළාය.

ඉසබෙලා බිසවගේ සියලු කොන්දේසිවලට එකඟ වූ කොලම්බස් 1492.08.09 වන දින St Maria, Pinta, Nina යන නැව් තුන ස්පාඤ්ඤ ධජය හා තම නායකත්වය ඇතිව ශාන්ත පේලෝස් වරායෙන් දියත් කළේය. මේ නැව්වල වූ පිරිසගෙන් වැඩි දෙනෙක් වෘත්තීය නාවිකයන් නොව ගමනට සහභාගී වුවහොත් නිදහස දෙන බවට දුන් පොරොන්දුව මත බඳවාගත් සිරකරුවන් වූහ. අත්ලන්තික් සාගරය හරහා යාත්‍රා කළ කොලම්බස්ට තමන් ආපසු හරවන සේ පිරිස කරන ඉල්ලීම්වලට සවන් දෙන්නට දිනපතාම සිදු විය. ඒ අතර කුණාටු, ආහාර හිඟය හා ජල හිඟය ආදියට මුහුණ දෙන්නට ඔහුට සිදු විය.

කෙසේ හෝ පිරිස අස්වැසූ කොලම්බස් උතුරු ඇමරිකාවේ ගිණිකොණ දිගත් දකුණු ඇමරිකාවේ උතුරු දිගත් අතරේ පිහිටි දූපතකට ''හිස්පැනියෝලා'' (Hispaniola) ගොඩ බැස්සේය. ඔහු ඒ රට ස්පාඤ්ඤයට යටත් යයි ප්‍රකාශ කොට තම පිරිසෙන් ටික දෙනකු එහි නතර කරවා, එරටින් සත්ත්වයන් හා ස්වදේශ්කයන් කීප දෙනකු ද, රැගෙන ස්පාඤ්ඤය බලා යාත්‍රා කළේය. ෆර්ඩිනන්ඩ් රජතුමා හා ඉසබෙලා බිසව ඔහු සාදරයෙන් පිළිගත්හ. කොලම්බස් අලුත් දේශයක් සොයා ගැනීමේ පුවත ප්‍රචාරය වත්ම ඔහුට ගරුසරු හා කීර්තිය ලැබිණි.

කොලම්බස් 1493.09.25 වැනි දින යළිත් තමන් සොයාගත් දේශය කරා ගමන් ඇරැඹිය. ඉතා අසීරුවෙන් යාත්‍රා කොට එහි ළගා වූ ඔහු දුටුවේ තමන් නතර කොට ගිය පිරිස ස්වේදේශිකයන්ගෙන් මැරුම් කා ඇති බවයි. කොලොම්බස්ට ද ස්වදේශිකයන්ගෙන් මහත් කරදර සිදුවිය. කොලොම්බස් නාවික සංචාරවල යෙදීම හා රටවල් සොයා ගැනීම තරම්ම ආශා කළ තවත් දෙයක් විය. එනම් මහා ධනවතකු වීමයි. ඔහුට තමා සොයා ගත් රටින් අගනා වස්තු ලබා ගත නොහැකි විය. එවර ඔහු ස්පාඤ්ඤ බිසව හමුවූයේ ඉතාම සුළු තෑගි බෝග ඇතිවයි. ඒ පිළිබඳව ඇය තුල අසතුටක් ජනිත වූ බැවින් ඔහු ලද සැලකිලි ද අල්ප විය.

ඔහු යලිත් වරක් හිස්පැනියෝලාව බලා පිටත් විය. මේ අතරේ කොලම්බස්ගේ සතුරෝ අවස්ථාව බලා ක්‍රියාත්මක වූහ. කොලම්බස් තමන් සොයාගත් රටෙන් ලබාගත් වස්තුව බිසවගෙන් වසන් කළ බවත්, ඔහුගේ සොයුරු බර්තොලමියුස් ඒ රටේ දරු දැරියන් යුරෝපයට යවා වහලුන් සේ විකුණා ධනය උපයන බවත් ඔවුහු ඉසබෙලා බිසවට දැන්වූහ.

මේ අතර කොලොම්බස්ට හිස්පැනියෝලාව පාලනය කිරීම දුෂ්කර විය. ඒ දූපතේ සිදුවන මනුෂ්‍ය ඝාතන , කුරිරු ක්‍රියා , වහල් වෙළඳාම හා ඉතාම අකාර්යක්ෂම පාලනය පිළිබඳ නරක පුවත් ස්පාඤ්ඤ රජ මාලිගයට නිතර නිතර ලැබෙන්නට විය. ඉසබෙලා බිසව වෙනත් නැව්පතියකු කැඳවා කොලොම්බස් අත් අඩංගුවට ගෙන සිය රටට එවන්නට අණ කළාය. වරක් මහා ජයග්‍රාහකයකු ලෙස ස්පාඤ්ඤයට ආ ඔහු මෙවර ආවේ දෑතට විලංගු දැමූ සිරකරුවෙකු ලෙසිණි. එදා මහත් හරසරින් ඔහුට විවෘත වූ රජමැදුරේ දොරටු මෙවර තදින් වැසිනි. ටික දිනකට පසු ඉසබෙලා බිසව ඔහුට සමාව දී සිරෙන් මිදුවාය. එහෙත් පෙර පැවති වාසනාවන්ත තත්ත්වය යළි ඔහුට උදා නොවීය.

ඇසෝරස් (Azores ) , හිස්පැනියෝලා ( Hispaniola ) , සැන්ට් සැල්වදෝර් ( San Salador ) , කැනරි ( Canary ) , හායිට් ( Haiti ) , ඉසබෙලා දූපත් ( Isabella Isles ) , ඩොමිනිකා ( Dominica ) , හොන්ඩියුරාස් ( Honduras ) , ඇන්ටිගුවා ( Anthigua ) , සැන්ට් කෲස් ( St Cruz ) , ට්‍රිනිඩ්‍රෑඩ් (Trinidad ) , බටහිර ඉන්දීය කොදෙව් දූපත් ( West Indies ) යන රටවල් සොයාගත් ක්‍රිස්තෝපල් කොලොම්බස් ස්පාඤ්ඤයේ වැලඩොලිඩ් නුවර දී 1506.05.20 දින දුක්ඛ්ත ලෙස මිය ගියේය.

No comments