Alexander the Great මහා ඇලෙක්සැන්ඩර් රජු ( ක්‍රි.පූ 356 - 323 )
ලෝක ඉතිහාසයේ මහා රණශුරයෙකු ලෙස කීර්තියට පත් ප්‍රතාපවත් මැසිඩෝනිය අධිරාජයෙකි. ග්‍රිසියට උතුරු දෙසින් පිහිටි මැසිඩොනියාවේ දෙවැනි පිලිප් රජු සහ ඔලිම්පියාස් බිසව ඔහුගේ පියා සහ මවයි. ඇලෙක්සැන්ඩර් කුඩා වියෙහි සිටම ඉගෙනීම ලැබුවේ රජවාසලෙහිම නැවතී ඇරිස්ටෝටල් නම් මහා ග්‍රීක පඩිවරයාගෙනි. ඔහු ඇලෙක්සැන්ඩර්ව රණශිල්පය , රාජ්‍ය පාලනය , කලාකාමීත්වය හා විශිෂ්ට ආචාර ධර්ම ආදියෙන් සම්පූර්ණ පුද්ගලයකු බවට පත් කළේය.
ඇලෙක්සැන්ඩර් කුමරු බාලවියේ සිටම විවිධ දස්කම් ප්‍රකට කළේය. ඔහු වයස දහතුනේදී රජවාසල සිටි ශූර අසරුවන්ටත් මෙල්ල කරගත නොහැකි වූ අශ්වයකු මෙල්ල කළේය . "බුසිපාලස්" යන නමින් හැදින්වුණ ඒ අශ්වයා පසුකලෙක ඇලෙක්සැන්ඩර්ට යුද්ධ කිහිපයක්ම ජය ලබන්නට උපකාර විය. අගතිය හා අසාධාරණය නොඉවසූ ඇලෙක්සැන්ඩර් තම පියාගේ නොමනා ක්‍රියාවක් ගැන එළිපිටම විරෝධය පළකොට තම මව සමග මාලිගයෙන් බැහැර වී එපිරස් නම් ස්ථානයේ වාසය කළේය. මේ අතරතුර දී ඇලෙක්සැන්ඩර් කුමරුට හොරෙන් ඔහුගේ මව දියත් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලය ලෙස පිලිප් රජු රජවාසලේදීම ඝාතනයට ලක්විය.
පියගේ අභාවය සැලවූ විට මවත් සමග පෙරලා රජවාසලට ආ ඇලෙක්සැන්ඩර් දහනව වන වියේදී මැසිඩෝනියාවේ රජ විය. එය ඉතාම සන්සුන්ව යහතින් සිදුවූවක් නොවේ. තවත් ඥාතීන් කීප දෙනෙකු ඊට උරුමය කීවෝය. පිලිප් රජුගේ දෙවැනි බිසවට උපන් කුඩා කුමරුවා රජකරවීමට ඒ බිසව උත්සාහ කළාය. මෙහිදී ඔලිම්පියාස් එම බිසවත් ඇගේ දරුවාත් ඇයගේ ඥාතීන්නුත් නිර්දය ලෙස මරා දමා ඇලෙක්සැන්ඩර්ගේ උරුමය තහවුරු කළාය. ඒ අයගේ පක්ෂය ගත් පිරිස අවි බලයෙන් මැඩලූ ඇලෙක්සැන්ඩර් තම පියාගේ ඝාතනට සම්බන්ධ වූ භටයින්ට දඬුවම් කළේය.
ග්‍රීක නගර පර්සියානු ආධිපත්‍යයෙන් මුදාගෙන මැසිඩෝනියාවේ නායකත්වය යටතේ ග්‍රිසිය එක් සේසත් කරවීමට පිලිප් රජ මුල් පියවර තබා තිබුණි. දිගු හෙල්ල අතින් ගත් භටයින්ගෙන් සෑදුණ පැලැන්ක්ස්
( Phallanx ) නම් හේවා කාණ්ඩය පිලිප් රජුගේ නිර්මාණයකි. ඇලෙක්සැන්ඩර් තම පියා විසින් ස්ථාපනය කොට තිබූ පියගැට ඔස්සේ ඉදිරියට ගමන් කරන්නට විය.
තමන් සතු ප්‍රදේශවල පාලනය ඇන්ටිපේටර් නම් හිතවත් නිලධාරියාට භාරදුන් ඇලෙක්සැන්ඩර් ක්‍රි.පූ 334 වර්ශයේ පර්සියානු ආධිපත්‍යයට එරහි සටන දියත් කෙළේය. ඔහුගේ මහා හමුදාවට භටයින් පමණක් නොව ඔවුන් යන අතරමග හමුවන ගස්වැල් සතුන් හා ස්වාභාවික සිදුවීම් සහ වස්තූන් පිලිබඳ අධ්‍යයනයට විද්‍යාඥයන් සහ ඒවා පිළිබදව වාර්ථා ලියා ගැනීමට ඉතිහාසඥයන් ද අයත් විය. මැසිඩෝනියාවේ සිට දකුණු දෙසට මගන් කළ ඔඋ බෙදී වෙන්ව තිබූ ග්‍රීක රාජය සියල්ල යටත් කරගෙන එක් ග්‍රීක රාජ්‍යයක් ඉදි කළේය. ඉන්පසු මැසිඩෝනියානු සහ ග්‍රීක භටයින්ගෙන් සමන්විත වූ මහා හමුදාවක් සමග හෙලස්පොයින්ට් සමුද්‍ර සන්ධිය තරණය කොට සුළු ආසියාවේ ( Asia Minor ) ඓතිහාසික ට්‍රෝයි ( Troy ) නුවරට ආවේය.
තම පරපුරේ ආදිතමයන් විසින් මහා සටනක් කොට ජයගෙන විනාශ කරන ලද ට්‍රෝජන්වරුන්ගේ ට්‍රෝයි පුරයට පැමණි ඇලෙක්සැන්ඩර් එදා එහි මහත් වීර ව්ක්‍රමයන් කළ තම ආදිතමයන් වූ ඇකීලිස් , ඇගමෙමිනන් , ඔඩීසියස් ආදීන් සිහිකොට පුද පූජා පැවැත්වීය. එසේ සුළු ආසියාවට ඇතුළු වූ ඔහුට එහි තිබූ ස්වාධීන ග්‍රීක රාජ්‍ය නතුකර ගැනීමට අපහසු නොවීය මන්ද ඒ වනවිට තමන් පර්සියානු බලපෑම්වලින් නිදහස් විය යුතුය යන අදහස් ග්‍රීකයකු තුළම තිබූ බැවිනි . ඒ සදහා කදිම විශ්වාසනීය නායකත්වයක් ඔවුහු ඇලෙක්සැන්ඩර් තුල දුටූහ.
ඇලෙක්සැන්ඩර් පර්සියානුවන් සමග මුලින්ම ගැටුනේ ග්‍රැනික්ස් ( Granicus ) නම් ස්ථානයේදීය. එහිදී පර්සියන් හමුදා පරජය කළ ඔහු ඔවුන්ට යටත්ව තිබූ ග්‍රීක පළාත් මෙන්ම පර්සියාවට අයත්ව තිබූ ප්‍රදේශය ද අල්ලා ගති. යළිත් ගිනිකොණ දිග බලා සේනාව මෙහෙය වූ ඔහු ඉසස් ( Issus ) නැමත් ස්ථානයේදී පර්සියන් අධිරජ ඩේරියස් පරාජය කළේය. එවකට ඒ රසු සතුව තිබූ අගනා නගරයක් වූ ' දමස්කස් ' ඇලෙක්සැන්ඩර්ට අයත් විය.
ඩේරියස් තම බිරිද , දරුවන් , බිරිඳගේ මව හා තවත් ළගම ඥාතීන් අත්හැර පලා ගියේය. ඇලෙක්සැන්ඩර් මේ රාජකීයන්ට උචිත ගෞරවය දී හොදින් සැලකූ බවත ආරක්ෂා කළ බවත් වාර්ථා වේ. ඒ කාලයේ යුද්ධයේ දී අල්ලා ගනු ලැබූ කාන්තාවන් බාල , තරුණ , මහලු යන කිසිදු වෙනසක් නොසලකා අඩත්තේට්ටම්වලට ලක්කිරිමේ මිලේච්ජ පුරුද්දක් තිබූ බැවින් මහා ඇලෙක්සැන්ඩර් කුමරු හමුවට කැදවන ලද ඩෙරියස් රජුගේ අතිශයින් රූමත් බිසව හා එතරම්ව රූප සම්පන්න ඇගේ මව ඔහු ඉදිරියේ බියපත්ව වෙවිලමින් උන්හ. පිළිවලින් ඒ මව හා දියණිය ඇමතූ ඇලෙක්සැන්ඩර් " බිය නොවන්න . ඔබ මාගේ මව , ඔබ මගේ සොයුරිය ඇලෙක්සැන්ඩර්ගෙන් ඔබ කිසිවෙකුටත් අනතුරක් හෝ පීඩාවක් වන්නේ නැත ." යනුවෙන් ඔවුන් අස්වැසූ බව වර්ථා වේ.
කිස්තු පුර්ව 322 දී පලස්තීනය හා මිසරය ඇලෙක්සැන්ඩර්ට යටත් විය. මිසරවාසීන්ගේ හොද හිත සහ සතුට උදෙසා ඔහු පැරණි පාරාවෝ ( Pharaoh ) රජකු මෙන් සැරසී ඔවුන් හමුවට ආවිට ඔවුහු අතිශයින් උද්දාමයට පත් වූවෝය. ඉන්පසු මෙසපොටේමියාව බලා පිටත් වූ ඇලෙක්සැන්ඩර් යුප්‍රටිස් හා ටයිග්‍රිස් දෙගග තරණය කළේ ය. අවසාන වශයෙන් ග්‍රීක පර්සියානු හමුදා මූණ ගැසුණේ ඇරබෙලා ( Arabela ) නම් ස්ථානයේ දීය. කි.පූ 331 සිදු වූ මේ සටනින් ඔහුට මහත් ජයක් අත්විය. ඩෙරියස් රජු පාගියේය. බැබිල්න් , සූසා , පර්සිපොලිස් යන මහා නගර ඇලෙක්සැන්ඩර්ට නතුවිය.
පලායමින් සිටි ඩේරියන් රජු ඔහු සමග සිටි බැසස් නම් සේනාධිවතියා විසින් මරනුවට පත් කරන ලදි. තම ක්‍රියාව ගැන ඇලෙක්සැන්ඩර්ට කියා ඔහුගෙන් තනතුරු හා වාසි ලබන අටියෙන් බැසිස් , ඇලෙක්සැන්ඩර් හමු වී තමන් කළ දේ ගැන දැනුම් දුණි. " තමන්ගේ ආරක්ෂාව ලැබිය යුතු තම රජු ද්‍රෝහී ලෙසත් නිවට ලෙසත් මරා දැමූ දුෂ්ටයෙකි. ගුණමකුවෙකි . ඔබට සුදුසුම ත්‍යාගය මරනයයි ." කියූ ඇලෙක්සැන්ඩර් ඔහුගේ හිසගසා දමන්නට අණ කළේය. මියගිය රජුගේ දේහය අවසන් කරයුතු සදහා රජුගේ බිරිඳට භාර දුන්නේය. මේ සමයේ ඔහු පර්සියානු අධිපතියකුගේ දියණිය වූ රොක්සානා විවාහය කරගත් බවත් නිතර පර්සියානු ඇදුම්වලින් සැරසී සිටි බවත් ඉතා ප්‍රකටය.
ක්‍රි. පූ 329 වන විට පර්සියානු අධිරාජ්‍යයේ නැගෙනහිර සීමවට ළගා වී සිටි ඔහු ඒ ප්‍රදේශවල සිටි සිතියන් හා සොග්ඩියන් යන රණකාමී පිරිස් යටත් කළේය. ඔහු එම ප්‍රදේශයේ ඇලෙක්සැන්ඩ්‍රියා යන නමින් නගර දාහතක් පිහිටුවා ලූ බව වාර්ථා වේ. නැගෙනහිර දෙසට ගමන් කළ ඔහු ක්‍රි.පූ 327 දී හින්දුකුශ් කදුවැටිය තරණය කොට ඉන්දු මිටියාවතට ඇතුල් විය. මේ ගමනේදී ඒ ප්‍රදේශවල විසූ පාලකයන්ගෙන් අමිභි වැන්නෝ ඔහුට යටත් වූහ. සිසිකොටිටෝස් වැනි අය ඔහුට උපකාර වූහ.
අනෙක් සියලු දෙනා සටන් නොකොට ඇලෙක්සැන්ඩර්ට යටත් වූව ද අවසානය දක්වාම සටන් කළ පෝරස් නම් රජු බරපතල තුවාල ලැබ සිරකරුවකු වශයෙන් ඇලෙක්සැන්ඩර් හමුවට රැගෙන එන ලදි . " මා ඔබට කෙසේ සැලකිය යුතු ද ? " යනුවෙන් ඇලෙක්සැන්ඩර් ඔහුගෙන් ඇසීය. " මට රජකු සේ සලකන්න . අවශ්‍ය සියල්ල එහි ඇත. " යයි පෝරස් නම් රජු පිලිතුරු දුණි. ඔහුගේ එඩිතරකම ගැන පැහැදුණ ඇලෙක්සැන්ඩර් ඔහුගේ රාජ්‍යය ඔහුටම භාර දී ඔහුට සාත්තු කරවීය. ඔහු හා මිතුරු විය.
බියස් නදිය දක්වා ආ ඇලෙක්සැන්ඩර් එය තරණය කරන්නට හමුදාවට අණ දුන් නමුත් දීර්ඝ කාලයක් ගේ දොරවලින් ඈත්ව සටන්වලින් හෙම්බත්ව උන් භටයෝ ඊට විරුද්ධ වූහ. බියස් නදියෙන් එහා පැවති නාන්ද නම් රජුගේ මහා බලවත් රාජ්‍යය ගැන තොරතුරු ඇසූ භටයන්ගේ අදිෂ්ඪානය හීනවිය.
ඇලෙක්සැන්ඩර් භටයන්ගේ අදහසට අවනතව ආපසු යාමට සැරසුණි. ඒ අනුව ඔහු සිය සේනාවෙන් කොටසක් නියර්ක්ස් නම් නායකයාට භාර දී එක් මගකින් යාමට අණකොට මක්රාන් වෙරළ ඔස්සේ ගමන් කළේය. කි.පූ 324 දී සූසා නගරයට ළගා වූ ඇලෙක්සැන්ඩර් 323 දී බැබිලන් නගරයට පැමිණුනි. එහි පැවති භෝජන සංග්‍රහයකින් පසුව රෝගාතුර වූ ඔහු තිසි තුන් හැවිරියේදී පරලෝ සැපත් විය. ඔහු ඉන්දියාවේ ගත කරන කාලයේ මැලේසියාවට ගොදුරු වී එය උත්සන්නව මිය ගිය බව කියැවේ. බලයට කෑදරව පිරිසක් ඔහුට වසදුන් බව තවත් අයගේ අදහසයි. ඔහුගේ සෙන්පති ටොලම් ඔහුගේ දේහය රන් මංජුසාවක බහා ඇලෙක්සැන්ඩ්‍රියාවේ දී භූමිදාන කළේය.
mමහා ඇලෙක්සැන්ඩර් ලොව පහල වූ ශ්‍රේෂ්ඨ රජකු සේ සැලකේ. රණශූරත්වය , එඩිතරකම , සංවිධාන ශක්තිය , රාජ්‍ය තාන්ත්‍රික ඥානය ආදිය මෙන්ම උසස් ආචාරශීලීත්වය ඔහු තුල විය. ඔහු රටවල් යටත් කරගත් නමුත් ඒවායේ වූ පුස්තකාල, ආගමික ස්ථාන හා කලාකෘතීන් විනාශ නොකළේය. ශස්ත්‍රවන්තයන්ට ගරු කළේය. විද්‍යා ශාස්ත්‍රවලට හා පොතපතට ඇලුම් කළේය. බාලවියේ සිටම ඔහු නින්දට ගියේ හෝමර්ගේ ඉලිහ්ඩ් ග්‍රන්ථය සිය කොට්ටය යට තබාගෙන බව පැවසේ . තමන්ට යටත් වුවන්ට නිසි ගෞරවය දීමත් ස්ත්‍රී දූෂණ , ගේදොර ගිනි තැබීම් හා අහිංසල ජනතාව පීඩාවට පත් කිරීමට ආදිය නොකිරීම ඔහුගේ ප්‍රතිපත්තිය විය වරක් සතුරන්ගෙන් අල්ලා ගනු ලැබූ මුතු මැණික් එබවූ අගනා රන් මංජුසාවක් ඔහුවෙත ගෙන එන ලදි. " මා මෙය කුමක් තැම්පත් කිරීමට ගත යුතුද " ඔහු ඇසීය. අවට සිටි අය නොයෙක් දේ නම් කලහ. " නෑ ඒ කිසිවක් නොව මම හෝමර්ගේ ඉලියිඩ් කාව්‍යය මෙහි බහා ලමි." යි ඇලෙක්සැන්ඩර් කීහ.
No comments