Breaking News

Abraham Linkan- ඒබ්‍රහම් ලින්කන් (ක්‍රි.ව.1809-1865)

ලින්කන් ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ හොප්ස්විල් නම් පිටිසර ග්‍රාමයේ වර්ශ 1809.2.12 වන දින තෝමස් ලින්කන් යන අයට දාව නැන්සි යන අයගේ කුසින් මෙලොවට බිහි විය. තම පියා රෙදි වියන්න්නෙකු මෙන් ම සුළු වශයෙන් ගොවිතැන් කොට දිවි ගැට ගසා ගන්නා දිළිඳු මිනිසෙකු විය. මෙම දිළිඳු, නූගත් පවුල ජීවත් වූයේ ලී කොටවලින් තනන ලද කුඩා නිවසකය (Log Cabin).


ලින්කන්ගේ දෙමව්පියන් ඉමහත් අසීරුවෙන් එදිනෙදා වේල ගැට ගසා ගත් ඉතාමත් දිළිඳු ශ්‍රමික පවුලක් වූ හෙයින් ලින්කන්ගේ කුඩා විය මහත් අග හිඟකම් වලින් පිරි යුගයක් විය. දෙමාපියන් සමඟ කෙතට, කමතට යාම, දර පැලීම, ආහාරය පිණිස සතුන් හා මසුන් අල්ලීම ආදී ගෙදර දොර වැඩ බොහෝමයක් ඔහු අතින් ඉටු විය.

ඔහු ගැටවර වියේදී ම ඔහුගේ මව ඔහු හැර මෙලොවින් සමු ගන්නට විය. ඒ සමඟ ම තත්වය තවත් බරපතල වන්නට විය. ලින්කන් පසුකලෙක තමන් බාල වියේ පටන් ම දුක් විඳි අයුරු, අග හිඟකම් මධ්‍යයේ කල් ගෙවූ අයුරු විස්තර කර ඇත. ඔහුට විධිමත් අධ්‍යාපනයක් නොලැබිණි. ඊට පොත් පත් පවා නොතිබිණි. මේ අතර තෝමස් ලින්කන් දරුවන් තිදෙනෙක් සිටි වැන්දඹු කාන්තාවක් විවාහ කර ගන්නට විය. වර්තමානයේ පවා බොහෝ තැන්වල සිදු වන්නේ පෙර විවාහයේ දරුවන්ට සුළු මව අතින් විවිධ අඩත්තේට්ටම් සිදු වීමයි. සුළු මව මාර දූතියක් වීමයි. නමුත් ලින්කන්ගේ පෙර පිනකට මෙන් එසේ සිදු වූයේ නැත. සේරා නම් තම සුළු මව තමන්ට සුර දූතියක් විය. 

ඉලිනොයි (Illinois) ප්‍රාන්තයේ පදිංචියට ගිය ලින්කන් පවුල එහි නව ගොවිපළක් ආරම්භ කළහ. එහිදී තරුණ ලින්කන් පියා සමඟ හරි හරියට වැඩ කරන්නට විය. බර වැඩ වලින් පිරි දවල් දවස ගෙවුණු විට මේ තරුණයා කලේ ණයට ඉල්ලාගෙන ආ පොත පත ඉටිපහනක එළියෙන් හෝ ගිණි මැලයක (Log Fire) එළියෙන් කියැවීමයි. නීතිඥවරයකු වීමේ අරමුණින් ඔහු සිය ස්වෝත්සාහයෙන් ඉගෙන ගත් ඔහු වයස අවුරුදු 22 දී නීතිඥ විභාගය සමත් විය. ඔහු ඒ වන විටත් යෙදී සිටි සුළු රැකියා කිහිපය මගින් උපයා ගත් මුදල් ඔහු තමන්ට අවශ්‍ය පොත් පත් මිලදී ගැනීමට සහ විභාග ගාස්තු ගෙවීම වැනි කාර්‍යයන් සඳහා ඉතිරි කර ගෙන තිබිණි.

ඔහු නීතිඥ වෘත්තියෙහි යෙදුනේ ස්ප්‍රිංෆීල්ඩ් (Sprinfield) ප්‍රදේශයේය.නොබෝ කලකින් ම ඔහුට අති දක්ශ නීතිවේදියකු ලෙසින් මහත් ප්‍රසිද්ධියක් ලැබිණි. ඔහු කරදරයට පත් දුප්පතුන් සඳහා නොමිලේ පෙනී සිටි බවත්, ඔවුන්ගේ දුක් කරදර අඩු කිරීමට මහත් සේවයක් කළ බවත් අපට දැන ගත හැක. වර්ශ 1842 දී මාරි නම් යුවතියක් හා විවාහ වූ ඔහුට ඇය පුතුන් 4 දෙනෙකු දායාද කරන්නට විය. මේ විවාහය කිසිසේත් නොගැළපෙන එකක් වන බවත්, කල් යත්ම ඇය වධක භාර්‍යාවක් වූ බවත් කියැවේ.

1833-1840 කාල වකවානුව තුළ ලින්කන් දේශපාලන භූමියට අවතීර්ණ වූ ඔහු ඉලිනොයි මන්ත්‍රී සභාවට තේරී පත් විය.ඔහු එම ප්‍රාන්තයේ දියුණුවට බොහෝ කටයුතු කරන්නට විය. රිපබ්ලිකන් (Republican) පක්ශයට බැඳුණු ඔහු වර්ශ 1860 දී එරට පවත්වන ලද ජනාධිපතිවරණයේදී එරට දහසය වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ඇමරිකාව පුරා විෂේශයෙන් ම වතු බහුල දකුණු ප්‍රදේශවල පැවැති අමානුශික වහල් මෙහෙය පිළිබඳව කම්පා වූ ලින්කන් ඊට විරුද්ධව පියවර ගන්නා විට දකුණු දිග ප්‍රාන්ත කිහිපයක් එකමුතු වී වෙනම ම රාජ්‍ය සංවිධානයක් නිර්මාණය කර ගෙන ජේම්ස් ලී නම් සෙනෙවියා යටතේ උතුරු රාජ්‍ය වලට එරෙහිව සටනට පිවිසිණි. ලින්කන් යුලිසීස් ග්‍රාන්ටි නම් සෙනෙවියා යවා දකුණු රාජ්‍ය යටත් කළේය. මේ ජය ලැබීම සඳහා ජයග්‍රහණ මෙන් ම පසුබෑම් රැසකට මුහුණ දීමට ලින්කන්ට සිදුවිය. වසර 4ක් පැවැති ඇමරිකන් සිවිල් යුද්ධයෙන් ජය ලැබූ ලින්කන් 1863දී වහල් මෙහෙය මුළුමනින් ම අහෝසි කළේය.

උතුරු ප්‍රදේශ වලට පක්ශ ජෝන් විල්ක්ස් බූත් (John Wilkes Booth) නම් අන්තවාදියකු වර්ශ 1856.04.06 වන දින ලින්කන් ජනාධිපතිතුමා නාට්‍ය ශාලාවක නාට්‍යයක් නරඹමින් සිටින අවස්ථාවේදී වෙඩි තබා ඝාතනය කරන්නට විය. ඒබ්‍රහම් ලින්කන් එදා මෙදා තුර එක්සත් ජනපදයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා ලෙස සලකනු ලබයි. එතුමා ජීවිතයේ දුක්ගැහැටවලින් ම පන්නරය ලබා ගත්, තම දුක්ඛිත ම අතීතය අමතක නොකළ, තමන් අයත් වූ දිළිඳු ජනතාව නොතකා නොහළ මහා මානව වාදියකු ලෙසත් විශිශ්ට දේශපාලකයකු ලෙසත් ඉතිහාසගත වී සිටී. අපගේ ප්‍රාර්ථනය ද එවන් මහා උත්තම පුරුශයෙකු මෙම ලංකාද්වීපයේද පහල වේවා යන්නයි.

No comments