Marco Polo මාර්කෝ පෝලෝ ( ක්‍රි.ව 1255 - 1324 )
පෝලෝවරුන්ගේ පවුල ඉතාලියේ වැනිස් නගරයේ සුප්‍රකට කුටුම්භයකි. මැණික් , ස්වර්ණාභරන්ණ සහ අගනා විසිතුරු බඩු වෙළදාම කළ පොලෝවරුන්ගෙන් ප්‍රමුඛයන් වූයේ නිකොලෝ පෝලෝ සහ මැෆායා පෝලෝ යන දෙසොහොයුරෝය. රටින් රට සංචාරය කරමින් භාණ්ඩ මිලට ගැනීම සහ විකිණීම ඔවුන්ගේ වෘත්තීය විය. ඔවුන් ගනුදෙනුවලට අත්‍යවශ්‍ය වූ අන්‍යයන්ට ප්‍රිය මනාප ලෙස කතා කිරීම , හැසිරීම , ඔවුන්ගේ සිත් ඇදගන්නා හා අවංක භාවය ආදියෙන් සම්පූර්ණ වූ උදවියයි. එවකට ප්‍රධාන වෙළද මාර්ගයක් ව තිබූ කොන්ස්තන්තිනෝපල් , ක්‍රිමියා , පර්සියා මවතෙහි නිතර නිතර ගමන්ගත් පෝලෝවරු අවශ්‍යතා අනුව ඇතැම් විට ඒ මර්ගයේ ප්‍රධාන නගරවල කලක් වාසය කළෝය. පර්සියාවේ බාඛරා නුවර වසර කිහිපක් වාසය කළ පෝලෝ දෙසොහොයුරන්ට චීනයෙන් පැමිණ සිටි පිරිසක් හමුවිය. එවකට චීනය හෙවත් "කැතේ" අධිරාජ්‍යය පාලනය කළ මොංගෝලීය ජාතික කුබිලායි ඛාන් අධිරාජ්‍යයා පිළිබදවත් ඒ රටේ සමෘද්ධිය පිලිබඳවත් ඔවුන්ට ඒ පිරිසගෙන් අසන්නට ලැබිණ.
මේ පිරිස සමග චීනයට ගිය පෝලෝවරු චීන අධිරාජ්‍යයා බැහැදුටහ. යුරෝපීය ජාතිකයින් දැකීමටත් ඔවුන් ඇසුරු කිරීමටත් මහත් ආශාවක් දැක්වූ අධිරාජ්‍යයා ඔවුන්ට මහත් සැලකිලි දක්වා යුරෝපය , එහි රජවරු සහ පාප් වහන්සේ පිළිබද තොරතුරු විමසීය ක්‍රිස්තියානි ආගම ගැන පෝලෝවරුන් කියූ මනහර විස්තර ඇසූ අධිරාජ්‍යයා එම ආගම චීනයේ පැතිරවීම පිණිස ධර්ම දූතයන් කැටුව එනසේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
පෝලෝ සහෝදරවරු ක්‍රි.ව 1269 දී මව් රටට පැමිණියෝය. වසර දෙකක් පමණ තම නිවසේ ගත කළ ඔවුහු ක්‍රිස්තියානි පූජකවරුන් කැටුව යාමට ගත් උත්සාහය අසාර්ථක විය. පෝලෝ දෙසොහොයුරෝ නිකොලෝ පොලෝගේ පුත් , දාහත් හැවර්දි මර්කෝ පෝලෝත් සමග 1272 දී නැවත් වාරයක් චීනය බලා පිටත් වූහ. මොවුන් පර්සියාව ,ඇෆ්ගනිස්තානය යන රටවල් , හිමාලය කන්දේ උතුරු පසින් පිහිටි ඛෝටාන් , මොංගෝලියා ආදි රටවල් පසුකර පාමීර් සානුව හා ගෝබී කාන්තාරය හරහා වසර තුනහමාරක් තිස්සේ ගමන් කොට 1275 දී කුබිලායි ඛාන් අධිරාජ්‍යයා හමුවට පැමිණියෝය. විසි හැවිරිදි මාර්කෝ පෝලෝ තරුණයා කෙරෙහි රජතුමා අතිශයින් පැහැදුණෙන් ඔහු රාජ්‍ය සේවය සදහා බදවා ගන්නා ලදි.
රජතුමාගේ සිත් ඇදගන්නා පරිදි හැසිරෙමින් ඉතා දක්ෂ ලෙස කටයුතු කළ මාර්කෝ හට රජුගෙන් ඉතා උසස් නිලතල සහ ඉහළ වරප්‍රසාද ලැබිණි. මේ කාලය තුළ ඔහු කුබිලායි ඛාන් රජුගේ දූතයා ලෙස අසල්වැසි රාජ්‍ය කිහිපයකට ගියේය. අධිරාජ්‍යයා සමග වසර දහ අටක් චීනයේ විසූ මාර්කෝ තම ගම රට යාමේ අවශ්‍යතාවය ඇතිවිය. අහම්බෙන් ඊට මග පෑදිණි. කුබිලායි ඛාන්ගේ ඥාතිවන කුමරියක් පර්සියන් රජුට විවාහ කර දීමට කටයුතු යෙදුණි. කුමරිය හා පරිවාර පිරිස පර්සියාවට කැටුව ගොස් රජුට භාර දී එම විවාහය සිදුකරවීමේ කාර්යය අධිරාජ්‍යයා මාර්කෝට පැවරීය.
ඒ අනුව මාර්කෝ පෝලෝ , ඒ කුමරිය , පරිවාර සේනාව, ආහාර පාන සහ අගනා ත්‍යාග රැගෙන කොචින් චීනය , මලක්කාව , සූමාත්රාව , ලංකාව යන රටවල් පසු කරමින් යාත්‍රා කොට පර්සියාවට ළගා විය. ඒ වනවිට මනාල පර්සියන් රජු පරලෝ සැපත්ව උන් බැවින් ඔහුගේ ඥාති පුත්‍ර කුමරකුට කැටුව ආ කුමරිය විවාහ කර දුන් මාර්කෝ මහත් ප්‍රීතියෙන් තම උපන් ගමට ගියේය.
ඔහු තමන් ගෙන ආ ධනය පරිහරණය කරමින් සැපවත් ජීවිතයක් ගෙවන්නට සූදානම්වත්ම ඔහුගේ රටේ එනම් ඉතාලියේ සිවිල් යුද්ධයක් ඇවිළිණ. ඊට සම්බන්ධවූ මාර්කෝ සතුරන්ට හසුව ටික කලක් සිර භාරයේ ගත කළේය. 1300 දී සිරෙන් නිදහස් වූ ඔහු විවාහයක් කරගෙන තැම්පත් ජීවිතයක් ගෙවීය. 1324 දී මාර්කෝ පෝලෝ පරලෝ සැපත් විය.
මාර්කෝ පෝලෝ ප්‍රථම වරට ආසියාව හරහා යමින් එහි වූ හැම රාජ්‍යයකම පා තැබූ සංචාරකයාය. ඔහු විසින් සිය සංචාර පිළිබඳවතබන ලද සටහන් සහ වාර්ථා පසු කලෙක ක්රිස්තෝපල් කොලම්බස් ආදී දේශ ගවේශකයන්ට බෙහෙවින් පිහිට විය. ඔහු යුරෝපීය දේශටකයන්ට දේශ සංචාරයෙහි යෙදීමට බලවත්පෙළඹවීමක් කළ අයෙකු ලෙස ඉතිහාස ගත වී සිටි.

No comments