Breaking News

Nil Amstrong නීල් ආම්ස්ට්‍රෝන්ග් (වර්ශ 1930 සිට 2012 දක්වා )

සඳ මත පා තැබූ මනුශ්‍යයා වීමේ සුවිශේෂ හා දුර්ලභ ගෞරවය ලැබූ නීල් ආම්ස්ට්‍රෝන්ග් වර්ෂ 1930.08.05 වන දින එක්සත් ජනපදයේ ඔහියෝ (Ohio) ප්‍රාන්තයට අයත් පැරණි රතු ඉන්දියානු ජනාවාසයක් වූ කුඩා නගරයක උපත ලැබීය. ඔහුගේ දෙමාපියන් වූ ආම්ස්ට්‍රෝංග් යුවල එහි ගොවිපොලක් පවත්වාගෙන ගියෝය. ග්‍රාමීය පරිසරයක ඉපිද හැදුණ වැදුණ කුඩා නීල් එළිමහන් ජීවිතයට හා ස්වභාව ධර්මයට ඇළුම් කළේය. ඔහු ගමේ කඳු නගිමින් වනගත පෙදෙශි ගැවසෙමින් ඇළ- දොළ- විල් ආදියේ පිහිනමින්, මාළු බාමින් හා දඩයම් කරමින් සිය කාලය ගෙවීය. ඔහු කුඩා කළ සිට ම තැන්පත් මනසකින් යුතු, කලබල නොවන සුළු එඩිතර නිරෝගී අයකු වූ බව වාර්තා වෙයි.

නීල් පාසලේදී ගණිතය හා භෞතික විද්‍යාව යන විෂයයන් දෙකට සමත්කම් දැක්වීය. එම දස්කම් නිසාම ගැටවර වියේදීම පෞද්ගලික ගුවන් නියමු පුහුණු ආයතනයකින් කුඩා ගුවන් යානා පැදවීමට උගත හැකි විය. පුහුණුවට තෝරා ගැනීමේදී ගණිතය ජ්‍යාමිතිය හා භෞතික විද්‍යාව ආදී විශය අංශවල දැනුම ගැන අවශ්‍යයෙන් ම සලකා බලන ලදී. (අද වුවද එය එසේය.) ගුවන්‍යානා කෙරෙහි සිත ඇදුණ නීල් ගුවන් යානයේ ඉතිහාසය එය තැනීමට දායක වූ රයිට් සහෝදරවරු හා සැමුවෙල් ලෑංග්ලි ආදී ඇමරිකන් ජාතිකයන් පිළිබඳව තොරතුරු හා රට රටවල විවිධ කාර්‍යයන් සඳහා යොදා ගැනෙන නව මාදිලියේ ගුවන් යානා ආදිය ගැන ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කලේය. එකල තරුණයන් ඉතා ටික දෙනෙකුට ලැබුණ ඇමරිකන් නාවික හමුදාවේ (U.S Navy) පයිලට් (Pilot) කෙනෙකු වීමේ අවස්ථාව ඒ නිසාම ඔහුට හිමි විය.

උනන්දුව, ධෛර්‍යය, වටහා ගැනීමේ ශක්තිය, විද්‍යා දැනුම හා නිරෝගී සිත කය ආදී සම්පත්තීන් නොඅඩුව තිබූ නීල් වෙහෙස මහන්සි වී වර්ශ 1955 දී ගුවන් සේවා ඉන්ජිනේරු උපාධිය (Aircrats Engneers Degree) ලබා ගත්තේය. ඔහුගේ දක්ශතා වටහා ගත් බලධාරීහු ඔහු ගුවන් කටයුතු පිළිබඳ පර්යේශන හා සංවර්ධන ආයතනයට (Air Research and Development Institle) සම්බන්ධ කර ග්ත්හ. නීල් එතැන් පටන් ඉහළට තැබූ පියවර වූයේ ඇමරිකාවේ ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනයේ (NASA) තනතුරක් ලැබීමයි.



මෙම ආයතනයේ සිටි තමන් සමාන සුවිශේශ දක්ශතා ඇති තෝරා ගත් පිරිස මැද තම විශිශ්ට දස්කම් ප්‍රකට කළ නීල් ඉතාම දුශ්කර පුහුණුවක් සඳහා තෝරා ගන්නා ලදී. එම පුහුණුව ලැබූ අය අතුරෙන් නීල් ආම්ස්ට්‍රොංග්, එඩ්වින් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් සෙස්සන් අභිබවා පෙරට ආහ.

ඇපලෝ 11 යානයෙන් සඳ වෙත යැවෙන අභ්‍යවකාශගාමීන් ලෙස මේ තිදෙනා තෝරා ගනු ලැබූ අතර නායකත්වය නීල් ආම්ස්ට්‍රොන්ග් වෙත හිමි විය. ඔව්හු එක්සත් ජනපදයේ සිට ඇපලෝ 11 යානයෙන් සඳ වෙත ගමන් ඇරඹූහ. නීල් ආම්ස්ට්‍රොන්ග් වර්ශ 1969.07.2 වන දින (ඇමරිකන් දිනය ජූලි 20 ලංකාවේ දිනය ජූලි 21) සඳ මත පා තැබීය. සඳ මත පා තැබූ ඔහු සුප්‍රකට ප්‍රකාශයක් කරන ලදී. එනම්,
''මෙය මිනිසකු තැබූ කුඩා පියවරක් පමණි. එහෙත් මිනිස් වර්ගයා ගැන සලකා බලන කල එය යෝධ පියවරකි.''

No comments