නෙල්සන් මැන්ඩෙලා
දකුණු අප්‍රිකාවේ පියා ලෙස හඳුන්වනු ලබන, දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව තම දිවිය කැප කරමින් සටනේ යෙදුනු ඔහු නමින් නෙල්සන් මැන්ඩෙලා නම් විය. එතුමන් වර්ෂ 1918.07.18 වන දින දකුණු අප්‍රිකාවේ කිසිදු දිනෙක අධ්‍යාපනය නොලද '' තෙම්බු'' නම් රාජකීය ගෝත්‍රික පව්ලක උපත ලද ඔහුට තම පව්ලෙන් ලද නාමය වූයේ '' රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා'' යන්නයි. ක්සෝසා නම් වූ බසින් එහි අර්ථය වනුයේ ''ගැටලු ඇති කරන්නා'' යන්නයි. කෙසේ වෙතත් ඔහුගේ පව්ලෙන් මුලින්ම පාසල් අධ්‍යාපනය ලැබීමට තරම් ඔහු වාසනාවන්ත විය. ඔහුට ඔහුගේ පන්ති භාර ගුරුතුමියගෙන් '' නෙල්සන්'' නම් ඉන්ග්‍රීසි නාමය ඔහු වෙත ලැබුණි.
අධ්‍යාපනයට දක්ශතාවයක් දැක්වූ මැන්ඩෙලා වසර තුනක පමණ කාලයක් හැදෑරිය යුතුව තිබූ සහතික පත්‍ර විභාගය වසර දෙකක් වැනි කාලයක් තුල නිමා කිරීමට මැන්ඩෙලා සමත් විය. මැන්ඩෙලා එම විභාගය උසස් ලෙස සමත් වීමෙන් අනතුරුව කලා උපාධිය නිමා කිරීමට අවුරුදු 19 දී ''ෆෝර්ට් හෙයා'' විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.එහිදී ඔහුට ''ඔලිවර් ටැම්බො'' නම් මිතුරෙකු මුණ ගැසුණු අතර ඔවුන් දීර්ඝ කාලීන මිතුරන් බවට පත් විය. විශ්ව විද්‍යාලයේ පළමු පන්තියේ ශිෂ්‍යයකුව සිටිය දී මැන්ඩෙලා එම විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්ති වලට එරෙහිව එහි ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලැබූ වැඩ වර්ජනයට සහභාගී වීමේ වරදට විශ්ව විද්‍යලයීය පාලක මණ්ඩලය විසින් ඔහුව විශ්ව විද්‍යාලයෙන් පිටමන් කරන්නට විය.
පසු කලෙක ජොහැන්ස්බර්ග් නගරයට පැමිනි මැන්ඩෙලා එහි පතලක මුරකරුවෙකු, තවත් වරෙක ඔහු නීති කටයුතු කරන ආයතනයක ලිපිකරුවෙකු යනාදී වශයෙන් සේවය කරන්නට විය. වසර සිය ගණනක් පුරා යුරෝපයේ කොලණියක් බවට පත්ව තිබූ දකුණු අප්‍රිකවේ පැවති වහල් වර්ණවාදයට එරෙහිව මොහු ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නට විය. එහිදී මොහු වර්ෂ 1962 දී සිරභාරයට පත් විය. ඉන් අනතුරුව වසර 27ක් පුරාවට කේප් ටව්න් බන්ධනාගාරයේ සිර දඬුවම් ලබන අතරතුර මුළු ලෝකයම වෙත පැවසීමේ අරමුණ ඇතිව තම ජීවිත කතාව අකුරු කිරීමට ඔහු සමත් විය. තම ජීවිත කතාව ඇතුලත් ග්‍රන්ථය කියවූ ලෝක වාසී මිනිසුන් මැන්ඩෙලාගේ නිදහස වෙනුවෙන් අරගල කරන්නට විය.මෙම සියලු අරගලයන්හි ප්‍රතිඵලයක් ලෙස එම වකවානුව තුල එරට ජනාධිපතිවරයා වූ ''ඩී ක්ලාර්ක්'' මැන්ඩෙලා සමග සාකච්ඡා කොට මැන්ඩෙලාට නිදහස දීමට කැමැත්ත පළ කළ ද මැන්ඩෙලාගේ අදහස වූයේ තමන් හට නිදහස ලබා දෙන්නේ නම් තම දේශපාලන පක්ශය වන අප්‍රිකානු කොංග්රස් පක්ශය වෙත පනවා ඇති තහනම ඉවත් කරන ලෙසයි. නොඑසේ නම් තමන් නිදහස ලැබුවද තමන් හට දැරිය යුත්තේ තහනම් දේශපාලන මතවාදයක් බවයි. පුරා වසර 27ක් මුලුල්ලේ බලා සිටි නිදහස තමන් සොයා පැමිණියද ඔහු තම දෙශපාලන මතවාදය තම නිදහස වෙනුවෙන් වුව ද පාවා නොදුන් ඔහු මුළු මහත් ලෝකවාසීන්ට පමණක් නොව වර්තමාන ශ්‍රී ලාංකීය නායකයින් හට පවා හොඳ ආදර්ශයක් ගෙන දෙන නායකයෙක් බව එක හෙලා පිළිගත යුතු කරුණකි. මෙම සිදුවීම සිදු වී මාස 02ක් ගත වන්නට මත්තෙන් එනම් වර්ශ 1990.02.02 වන දින දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුවේදී මින් පෙර කිසිදු දිනෙක සිදු වී නොමැති දෙයක් සිදු වන්නට පටන් ගෙන තිබුණි.
එනම් එරට ජනාධිපති ඩී ක්ලාර්ක් මැතිතුමන් එදා මෙදා තුර වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකු සිදු නොකල දෙයක් සිදු කරන්නට විය. ඔහු ප්‍රජාතන්ත්‍රවදී දකුණු අප්රිකාවකට පදනම සකස් කරන්නට විය. එහිදී ජනාධිපති ඩී ක්ලාර්ක් මැතිතුමන් විසින් දකුණු අප්‍රිකාවේ තහනම් කොට තිබූ අප්‍රිකානු කොංග්‍රසය ඇතුළු තවත් පක්ශ 31ක තහනම ඉවත් කරන්නට විය. ඉන් පසුව සිරගත කොට සිටිනු ලැබූ දේශපාලන සිරකරුවන් ද නිදහස් කරන්නට ඔහු වග බලා ගන්නට විය. නමුත් හදිසි නීතිය එලෙසින් ම පවත්වා ගෙන යාමට ඔහු කටයුතු කරන්නට විය.
අනතුරුව ඩී ක්ලාර්ක් ජනාධිපති තුමන් මැන්ඩෙලා මුණ ගැසී ඔහු නිදහස් කොට කේප් ටවුන් සිට ජොහැන්ස්බර්ග් දක්වා ගුවනින් රැගෙන යාමට සිදු කළ උත්සහයද ව්‍යර්ථ කරමින් පුරා දශක තුනකට ආසන්න කාලයක් තම නිවහන බවට පත් වූ කේප් ටවුන් හරහා ඇවිද යාමට අවශ්‍ය බව ප්‍රකාශ කරන්නට විය. අනතුරුව වර්ශ 1990.02.11 වන දින මැන්ඩෙලා නිදහස් කරන්නට විය. එහිදී ඔහු තම ආදරණීය බිරිඳ වන විනී මැන්ඩෙලාගේ අත ගෙන වික්ටර් වර්ස්ටර් බන්ධනාගාර දොරටු අතරින් නිදහස් මිනිසකු ලෙස ඇවිද යන්නට විය.
වර්ශ 1993 දී දකුණු අප්‍රිකානු ජනාධිපති ඩී ක්ලාර්ක් මැතිතුමන් සහ නෙල්සන් මැන්ඩෙලා නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබන්නට සමත් විය. අනතුරුව වර්ශ 1994 දි එරට පැවැත්වූ ප්‍රථම බහු ජන වාර්ගික ප්රජාතන්ත්රවාදී ඡන්දයේදී දකුණු අප්‍රිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපතිවරයා ලෙස නෙල්සන් මැන්ඩෙලා අති මහත් ජනතා ප්‍රසාදයක් දිනා ගනිමින් තේරී පත් වන්නට විය. එතැන් පටන් එතුමන් වර්ශ 1994 සිට 1999 දක්වා වසර 05ක කාලයක් පමණක් සිය ජනාධිපති ධූරය හෙබවූ එතුමන් දේශපාලනයෙන් ඉවත් වී වර්ගවාදයෙන් තොර සමාජයක් වෙනුවෙන් ඇප කැප වී සේවය කරන්නට විය. ඒ අනුව ඔහු තම රාජ්‍යය තුල ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත දිරි ගැන්වීමට මෙන් ම එරටින් දුගී බව පන්නා දැමීම වෙනුවෙන්ද උත්සුක වී කටයුතු කරන්නට විය.එපමණක් නොව ඔහු ඇතැම් රාජ්‍යයන් අතර ඇති වන්නට තිබූ ඇතැම් ගැටුම් පවා නිරාකරණයට සමත් වූ බව පෙන්වා දිය හැකිය.
දකුණු අප්‍රිකාවේ සුළුතරය වූ සුදු ජාතිකයින් විසින් බහුතරය වූ කළු ජාතිකයින් වසර සිය ගණනක් තිස්සේ තම යකඩ සපත්තුවට පාගාගෙන සිටි යුගයක කිසිදු දිනෙක පාසල් අධ්‍යාපනය නොලද පරපුරකින් පැවත එන මැන්ඩෙලා යනූ කළු ජාතිකයින්ගේ නිදහස, අභිමානය වෙනුවෙන් සටන් කිරීම උදෙසාම මෙලොව බිහි වූ උත්තම පුරුශයකු යැයි කියුවද වරදක් නැත. එහිදී ඔහු ලොව පුරාම පැවත තිබූ වර්ණවාදයට එරෙහිව නැගී සිටියේ තම දිවිය පවා පරදුවට තබමිනි. එම වර්ණවාදයට එරෙහිව අවියෙන් පමණක් සටන් කලේ නම් මෙහිදී කළු හෝ සුදු ජාතිකයින් වේවා මිනිසුන් දහස් , සිය දහස් ගණනකගේ ජීවිත මේ වෙනුවෙන් පරදුවට තැබීමට සිදුවනු නියතය. ඊට හේතුව නම් මෙය පුරා වසර සිය ගණනකටත් එපිට සිට පැවත එන පැනයක් වන බැවිනි. මෙම ගැටළුව මැන්ඩෙලා වැනි උගත් පුද්ගලයකු මැදිහත්ව නොවිසදූයේ නම් තත්වය මීට වඩා බරපතල තත්වයක් නිර්මාණය වනු නියතය.එහිදී ඔහු තමන් කරනු ලබන ක්රියාවේ සාර්ථකත්වය පිළිබඳව තබා ඇති විශ්වාසය අති මහත් ය.
එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඩ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයකු වශයෙන් හඳුන්වනු ලබන අතර දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් ඔහු වෙත පිරිනමනු ලැබූ ගරු නාමය වනුයේ "මැඩීබා" යන්නයි. එම නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමය සමඟ මනාව ගැලපෙන්නට විය.
මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශීය චරිතය වනුයේ ඉන්දියාවේ මහත්මා ගාන්ධි තුමාය. මැන්ඩෙලා එකී චරිතය තම ජීවිතයට බද්ධ කර ගනිමින් නව අදහස් හා හැඟීම් ජනිත කරවීමට සමත් වූ වටිනා සම්පතකි. එපමණක් නොව මහත්මා ගාන්ධි තුමන්ගේ අවිහින්සාවාදී දර්ශනයත් විරුද්ධ පාර්ශවයන් සමග ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් තම දිවියට එක්කර ගෙන ඇති යහපත් ගුණාන්ගයන් වේ.
කලක සිට පැවති ශ්වසන ආසාදනයකින් පෙළුණු ඔහු වර්ශ 2013.12.05 වන දින අවුරුදු 95ක් ආයු වලදා මිය ගියේය. ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔහු වටා සිටියදී ඔහු ජොහැන්ස්බර්ග් හි හවුටන් හිදී මිය යන ලදී. ඔහු මිය යන ලද පුවත ලොවට හෙලි කරන ලද්දේ එරට ජනාධිපති ජේකබ් සූමා විසිනි. වර්ශ 2013.12.06 වන දින සිට පුරා දින 10ක ජාතික ශෝකී කාලයක් ද ඔහු විසින් ප්‍රකාශයට පත් කොට තිබුනි.වර්ශ 2013.12.11 වන දින සිට 2013.12.13 වන දින දක්වා කාලය රාජ්‍ය ගෞරව සහිතව යූනියන් බිල්ඩිංස් තුල තැන්පත් කර තිබූ අතර වර්ශ 2013.12.15 වන දින දකුණු අප්‍රිකාවේ රාජ්‍ය අවමංගලෝත්සවයක් පවත්වමින් ඔහුගේ දේහය තැන්පත් කරනු ලැබීය.
No comments