Breaking News

උසම උස Burj Khalifa


ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල වන්නේ එක්සත් අරාබි එමිල් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි Burj Khalifa ගොඩනැගිල්ලයි. මෙම ගොඩනැගිල්ලේ උස මීටර 829.8 යි. අඩි 2722 වේ. මුලින්ම මෙම ගොඩනැගිල්ල Burj Dubai  ලෙස නම් කර තිබූ අතර පසුව එවකට එක්සත් ආරාබියේ පාලකයා වූ  Khalifa bin zayed al Nahyan විසින් මේම ගොඩනැගිල්ල  Bruj Khalifa ලෙස නම්කර ඇත. මෙම ගොඩනැගිල්ල තුල නිවාස , හොටෙල් , ආපනශාලා සියලු අංග ඉදිකර ඇත. මෙහි මහල් 163 ක් ඇත.



             මෙම විශාල ගොඩනැගිල්ල ඉදිකිරීමට ආරම්භ කළේ 2004 වර්ශයේ ජනවාරි 6 දිනය. මෙහි ඉදිකිරීම් සැලසුම නිර්මාණය කර ඇත්තේ Adrian Smith මහතා සහ Skidmore, Owings & Merrill යන ඉදිකිරීම් සැලසුම් නිමාණයේ ප්‍රමුඛ සමාගමයි. ඔවුන් මීට පෙර Willis Tower හා One World Trade Center යන විශාල ගොඩනැගිලි ඉදිකිරීමේදීද දායකත්වය ලබාදී ඇත. එවගේම මෙහි ගොඩනැගිලි ව්‍යහ පිලිබදව ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇත. මෙහි ප්‍රධාන ඉදිකිරීම් සමාගම වනුයේ දකුණු කොරියානු සමාගමක් වන Samsung C&T සමාගමයි. මෙය ලොව වේගවත්ව සිදුවුන ඉදිකිරීමක් වන අතර මෙම තට්ටු 163 ක ලොව විශාලම ගොඩනැගිල්ල වසර 5 වැනි කාලයකින් නිම කර ඇත. ( අපේ රටේ නම් තට්ටු 5 හේ එකක් ගහන්නත් ඔය වගේ කාලයක් යනවා ) 2009 ඔක්තෝබර් 01 දින මෙහි සියලු වැඩ අවසන් කරන ලදි. 2010 ජනවාරි 4 වන දා මෙය නිලවශයෙන් විවෘත කරන ලදි.



Bruj Khalifa හි නිවාස 30,000 ක් සහ හොටෙල් 9 ක් ඇත. තවද මෙයට අයත් අක්කර 7.4 උද්‍යානයක්ද ඉදිකර ඇත. මෙහි ඇතුලත ගමන් කිරීම සදහා සෝපාන 57 (Elevators ) සහ ගමන්කරන පඩිපෙල් 8 ක්          ( Escalators ) ඉදිකර ඇත. මෙය ඉදිකිරීම සදහා ඇමරිකන් ඩොලර් බිලියන 1.5 ක් වැයවී ඇත.


Bruj Khalifa හි මහල් වෙන් වී ඇති ආකාරය

බිම් මහල් 1-2            -  කාර්මික / රථගාල
Concourse                - අමානි හොටෙල් 
පහත මාලය                 - අමානි හොටෙල් 
1–8 මහල්                   අමානි හොටෙල්
9–16 මහල්                 - අමානි නේවාසික මන්දිර
17–18                       - කාර්මික අංශ 
19–37                       - නේවාසික මන්දිර
38–39                       - අමානි හොටෙල් කාමර 
40-41                        - කාර්මික අංශ 
43                             - Sky lobby
44–72                       - නේවාසික මන්දිර
73–75                       - කාර්මික අංශ 
76                             - Sky lobby
77–108                      - නේවාසික මන්දිර
109–110                    - කාර්මික අංශ 
111–121                    - ඒකාබද්ධ කාමර 
122                            - At.mosphere Restaurant
123                            - Sky lobby
124                            - At the Top observatory
125–135                    - ඒකාබද්ධ කාමර
136–138                    - කාර්මික අංශ 
139-147                    - ඒකාබද්ධ කාමර
148                           - The New Deck observatory
149–154                    -  ඒකාබද්ධ කාමර
155                            -  කාර්මික අංශ 
156–159                    - සන්නිවේදනය හා විකාශන 
160-163                     -  කාර්මික අංශ 

අරාබියේ ඇති Bruj Khalifa ගොඩනැගිල්ල අපූරු වාර්ථා රැසකට එකතු තිබෙනවා.


  • ලොව උසම ජීවමාන ගොඩනැගිල්ල. (මීටර් 829.8 )
  • මෙතෙක් ලෝකයේ ගොඩනැගූ විශාලම ගොඩනැගිල්ල.
  • ලොව උසම ගගන චුම්බුතය ( Skyscraper )
  • වැඩිම තට්ටු ගනන්ක් ඇති ගොඩනැගිල්ල. ( තට්ටු 163 )
  • ලොව වැඩිම උසින් සවිකරන ලද  සෝපාන පිහිටීම 
  • වැඩිම උසක් ගමන් කරන සෝපාන ( මීටර් 504 )
  • උසම ලම්භාකාර කොන්ක්‍රීට් පොම්ප කීරීම. 
  • ලෝකයේ උසම ගොඩනැගිල්ලක පිහිටි නවාතැන් හල් පිහිටීම.
  • ලෝකයේ වැඩිම උසකින් සවිකර ඇති ඇලුමිනියම් ව්‍යහ හා වීදුරු 
  • ලොකයේ වැඩිම උසකින් පිහිටි රාත්‍රී සමාජශාලාව. ( 144 වන මහලේ )
  • ලොකයේ වැඩිම උසකින් පිහිටි ආපන ශාලාව ( 122 වන මහලේ )
  • ලොව විශාලතම නව අවුරුදු තිරය හා මල්වෙඩි සන්දර්ශනය .

No comments