Breaking News

විදුලි TESLA MODEL 3

විදුලි වාහන ලොවේ පෙරලිකාරයා. 

වර්තමානයේ පවතින ගෝලීයකරණය යටතේ අප හා ඇති පරිසරය සීග්‍රයෙන් විනාස වී යයි. මේ සදහා රථවාහන වලින් පිටවන විස වායූන් විශාල ලෙස බලපායි. එමනිසා ලෝකයේ රථවාහන නිපදවන බොහොමයක් ආයතන විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන නිපදවීම සදහා මේ වන විට යොමුවී ඇත. දැනට මේ සදහා ලෝකයේ ඇති ප්‍රධාන ආයතන වන TOYOTA , VOLKSWAGEN , NISSAN , BMW , BENZ , TESLA මේ වන විටත් ඔවුන්ගේ නිෂ්පාදන වෙළද පොලට නිකුත්කර ඇත. මේ අතරින් අප දැන් කතා කරන්නේ TESLA සමාගම මගින් නිපදවන ලද MODEL 3 කාර් එක ගැනයි. 

රථයේ ආරක්ෂාව 

Tesla සමාගම රථයේ ආරක්ෂාව ගැන බෙහෙවින් සැලකිලිමත් වන අතර ඔවුන් පවසන ආකාරයට යකඩ සැකිල්ල සමග අමතර ශක්තිමත් ඇලුමිනියම් වලින් නිපදවා ඇත. තවද වහලයේ පිහිටි ජනේලය ( roof window ) මත හොදට වැඩුණු අප්‍රිකානු අලි දෙන්නෙකුගේ බරක් දරාගැනීමට හැකිබව tesla සමාගම පවසනවා.



ඉක්මනින්

මෙම රථය පැයට සැතපුම්  0 සිට 60 වේගයට ලගාවීමට තත්පර 3.3 පමනක් වැය කරන බවයි. ඔවුන් මෙම රථය සදහා දිත්ව මෝටර් යොදාගෙන ඇති අතර එම නිසා මෙහි සියලු රෝද සදා බලය කියාත්මක වේ. එම තාක්ෂණය නිසා වාහනයේ ක්‍රියාකාරිත්වය අනෙකුත් වාහන වලට වඩා ස්ථාවර තත්වයකින් යුත් වේ. මෙය එක වර ආරෝපණයකින් සැතපුම් 310 ක් ගමන් කල හැකි බව tesla සමාගම පවසනවා. මෙම රථයේ 360 ඒ කියන්නේ වටේම ආවරණය වන පරිදි කැමරා පද්දතියක් ඇත. වාහනයේ ඉදිරිපසට හා පසුපසට මීටර් 250 ක් ඇති වස්තු නිරීක්ෂණය කීරීමට සකසා ඇත. තවද ULTRASONIC SENSORS 12 කින් රථයට ආරක්ෂාව ඇති අතර වාහනය ගාල් කිරීමේදී සිදුවන අපහසුතාවයකින් මිදිමට හැකිවනු ඇත. 

තවද රියදුරු සදහා රථයේ ස්වභාවය දැන ගැනීම සදහා අගල් 15 අතින් හැසිරවිය හැකි පරිගනක තිරයක් ලබා දී ඇත. මෙහි මගින් පස්දෙනෙකුට ගමන්කර හැකිය. TESLA සමාගම මෙම රථය සදහා වසර 4 , සැතපුම් 50,000 වගකීමක් හෝ  වසර 8 , සැතපුම් 120,000 වගකිමක් ලබාදීමට තීරණය කළහැක.

No comments