Breaking News

Samsung Galaxy X

SAMSUNG GALAXY X - අලුත් පෙරලියක්


          ලෝකය පුරා ඇති දුරකතන නිෂ්පාදන ආයතන අතරින් ඉහලින්ම වැජඹෙන SAMSUNG සමාගම ඉදිරි වසර සදහා තම නවතම නිර්මාණය වන SAMSUNG GALAXY X දුරකතනය වෙළද පොලට නිකුත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බව නිල නොවන ආරන්චි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. මෙම දුරකතනය තවත් එක් ස්මාට් ෆෝන් එකක් නොවන අතර එම නිසා මෙම දුරකතන වෙළද පොලට නිකුත් කල විගසම දුරකතන වෙළදපොලේ විශාල පෙරලියක් සිදුවන බව විචාරකයන්ගේ මතය.



      මෙම දුරකතනයේ ඇති විශේෂත්වය වන්නේ මය නැවීමට , රෝල් කිරීමට හැකි වීමයි. මෙම දුරකතනය 2011 දී  මතුවූ සංකල්පයක වසර 8 මහන්සියක  ප්‍රතිඵලයක් බව SAMSUNG සමගම දක්වනවා. SAMSUNG සමාගමේ වර්තමාන CEO Koh Dong Jin පවසන ආකාරයට මෙම වසර ( 2018 ) අගදී සියලු වැඩ අවසන් වන බවයි. මෙය වෙළඳ පොලට නිකුත් කරන දිනය බොහෝ විට 2019 දී සිදුවන බවට බලාපොරොත්තුවක් තබාගත හැක. විචාරකයන්ගේ මතය හැටියට මෙය ඇමරිකන් ඩොලර් 1850 ( රු 320,000 පමණ ) මුදලකට මිල නියම වන බවයි.

             දැනට දැනගන්නට ලැබෙන ආකාරයකට මෙම දුරකථනයට අගල් 7.3 පමණ තිරයක් සහ 3,000mAh සහ 6,000mAh අතර බැටරියකින් මෙයට බලය ලබාදීමට නියමිතයි. තවද මෙම තිරය නැවුම්වාර 100,000 කට 6% තිරය මත දීප්තිය අඩුවන බවයි ඔවුන්ගේ මතය.



මෙම සුපිරි දුරකතනය ලබන අවුරුද්දේ දක්නට ලැබේවායි කියා ප්‍රාර්ථනය කරමු. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු.

No comments